අදත් සවස තද වැසි සහ අකුණු ඇතිවන බවට අනාවැකි

0
10

දිවයිනේ බොහෝ පළාත්වලට අද (26) පස්වරු 02න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේත්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි.

එබැවින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තුවන බව එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් අද පෙරවරුවේ බස්නාහිර, දකුණු සහ ගිනිකොණදිග වෙරළබඩ ප්‍රදේශවල වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here