ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනයක පවත්වන ලෙස චමල් ඉල්ලයි

0
14

3

තමන්ට අගමැති තනතුර ලබාදෙන බවට කිසිවෙක් ප්‍රකාශ කර නොමැති බවත්, එය බාර නොගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පැවැසීය.

අද (13දා) දහවල් තිස්සමහාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම ජනතාව විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා තෝරාගත යුතු බවත්, ඉක්මනින් එකම දිනයකදී ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවත් ඔහු පැවැසීය.

”ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගත වෙන බවට   ජනතාව අතර විවිධ මත, නොයෙක් කටකතා ප්‍රචාරය කරන්න පුළුවන්. නමුත් ජනතාව ඡන්දය ලබාදීලා තියෙන්නෙ අලුත් පක්ෂයකට. මාස කිහිපයයි වෙන්නෙ. අලුත් ලකුණක්. ඒ අය විශ්වාස කරන්නෙ නෑ කවදාවක්වත් ආණ්ඩුව සමග එකතු විය යුතුයි කියලා. එහෙම එකතු වුණොත් මේ විශ්වාසය බිඳිලා යනවා.

මට කිසිම කෙනෙක් මේ වෙනකොට අගමැතිකමක් දෙනවා කියලා නෑ. මෙහෙම අගමැතිකම් බාර ගැනීමෙන්  වැඩක් නෑ. ජනතාව විසින් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා තෝරාගත යුතුයි, ජනතාවගේ කැමැත්තෙන්. ඒ සඳහා අපි මේ ඡන්ද ප්‍රතිඵලත් සමග ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය තව අවුරුදු දෙකක් බලාගෙන ඉන්නෙ නැතුව මේවා විසුරුවලා මැතිවරණ දෙකම එක දවසෙ පවත්වන එක තමයි තියෙන්නෙ. එතකොට ජනතාවට තීන්දුවක් ගන්න පුළුවන්” යැයි හිටපු කථානායකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here