මිනිසෙකු වසලයෙකු වන්නේ උපත අනූව නොව ක්‍රියාව අනූව බව ජනපති මෛත්‍රී පවසයි

0
6

Image may contain: one or more people and text

අදට යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ සම්බුද්ධාගමනය තුළින් ගතානුගතික සමාජ ආකල්ප පුපුරුවා හැර අන්ධානුකරණයේ ගැලී සිටි සමාජය විද්‍යාත්මක චින්තනයකට යොමු කළ බව ය.

මිනිසෙකු හෝ වසලයෙකු වන්නේ උපත අනුව නොව ඔහුගේ කි‍්‍රයාවන් මත බවත්, ඒ ඔස්සේ මිනිස් වර්ගයා එක රැහැනින් යා කෙරෙන සහජීවනයේ ප‍්‍රාණය ලැබූ බවත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සිය වෙසක් දින පණිවුඩය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here