”සංහිඳියාව සමාජෙට ගෙනි යන්න හොඳම වේදිකාව පාසලයි” – ජනාධිපති

0
5

ජාතික සංහිඳියාවේ පණිවිඩය සමාජය වෙත ගෙනයාමට පාසල හොඳම වේදිකාවක් බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ අනුරාධපුර සහීරා විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙලට සහ තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (27) එක්වෙමිනි.

සමරු ඵලකය නිරාවරණය කර තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරතවෙමින් සිසු දරුවන්ගේ තොරතුරු විමසී ය.

විද්‍යාලයේ ආදි සිසුවෙකුවන කෝසල ජයරත්න සිසුවා විසින් රුපියල් ලක්ෂ 07ක මුදලක් වැයකරමින් මෙම නව පංතිකාමර ගොඩනැගිල්ලට ඇතුළත් කරන ලද, ස්මාර්ට් පංතිකාමරය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් විද්‍යාල භූමියේ පැළයක් ද රෝපණය කෙරිණි.

එමෙන්ම විද්‍යාලයේ 50 වසරක ඉතිහාසය තුළ සේවය කළ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇගයීමට ලක්කෙරුණු අතර, විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයාට සහ පළමු ගුරුවරයා වෙත තිළිණ ප‍්‍රදානය කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

මෙහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සියලු ජාතීන්ට අයත් සිසුන් එක්ව අධ්‍යාපනය ලබන පාසලක් තුළින් ජාතික සංහිඳියාව පිළිබඳ සමාජයට ලබා දෙන්නේ මහඟු පණිවිඩයක් බවත්, ජාතික සමගිය ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් පාසල් අධ්‍යාපනය තුළින් සිදුකළ හැකි බවත් ය.

මේ අතර අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ තෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සහ ශ‍්‍රවණාගාරය අද සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here