මරණ දඬුවමට නියම වු සිරකරුවන්ගේ නාම ලේඛනය අද ජනපති අතට

0
11

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම් නියම වී සිටින සිරකරුවන්ගේ නාම ලේඛනය අද (12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත බාර දීමට සූදානම් බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

ජනාධිපතිවරයා පසුගියදා සිදු කළ නියෝගයකට අනුව අදාල සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ අමාත්‍යංශය විසින් සකස් කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දඬුවම නියම වී සිර දඩුවම් ලබමින් සිටියදීත් විවිධ ක්‍රම ඔස්සේ එම ජාවාරම මෙහෙයවන සිරකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සිය අනුමැතිය ලබා දීමට තීරණය කළ බව ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේ ය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ඉකුත් 11 වැනි දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබුණි.

මේ අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමට ඉදිරි දින කිහිපය තුළ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ සඳහන් කළේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා කඩිනමින් ගතයුතු ක්‍රියාමාර්ග රැසක් පවතින බවයි.

විශේෂයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යවන වදක තනතුර මේ වනවිටත් පුරප්පාඩු වී ඇති බැවින් එම පුරප්පාඩුව කඩිනමින් පිරවිය යුතු බව නිශාන් ධනසිංහ සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here