මිල අධික ඖෂධ රැසක මිල ජූලි මාසයේ පහලට

0
4

ඉතා මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

ප්‍රථම අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කිරිමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

දෙවන අදියර යටතේ මිල අධික ඖෂධවල මිල අඩු කිරීමට තමන් තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඖෂධ මිල අඩු කිරීමෙන් පසු පෞද්ගලික රෝහල්වල මිල ගණන් සංශෝධනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.

සෞඛ්‍ය සේවා තුළින් වැට් බදු ඉවත් කිරිම හේතුවෙන් ගැටලු රැසක් විසඳුන බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා එම නිසා රෝහල් මිල නියාමනය කිරීමට තමන් තීරණය කළ බව ප්‍රකාශ කරයි.

ඖෂධ මාෆියාව නැති කිරීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

පිළිකා ඖෂධ සදහා තිබූ මාෆියාව නතර කිරිමට තමන්ට හැකි වූ බවත්, රුසියාවෙන් ආනයනය කළ පිළිකා එන්නතෙන් රෝගීන්ට සංකූලතා මෙතෙක් ඇති වූබවට වාර්තා වී නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම එන්නත හඳුන්වා දුන් පසු මාධ්‍ය මගින් විශාල විරෝධයක් ඇති කළ නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත මෙම රුසියානු එන්නත ශ්‍රී ලංකාවට ආනයනය කළ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here