ජනප්‍රිය ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

0
38

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 65 වැනි වියේ පසු වූ ඔහු දෙදරු පියෙකි. දිවංගත ප්‍රවීණ ගායන ශිල්පී සී.ටී. ප්‍රනාන්දුගේ පුත්‍රයාවන ප්‍රියන්ත ප්‍රනාන්දු සිය පියා ගිය මගම යමින් සංගීත ක්ෂේත්‍රය තම ජීවන වෘත්තිය කර ගෙන කටයුතු කළේ ය.

සිය පියාගේ ගීත ඒ හඬින්ම ගායනා කිරීමේ සහජ හැකියාවක් තිබූ ඔහු සංගීත ප්‍රසංග සඳහා ද නිරන්තරයෙන් සහභාගී විය.

විදේශ සංගීත ප්‍රසංග සඳහා ද කිහිප වතාවක්ම සහභාගී වී ඇති ඔහු පසුගිය දා ඉතාලියේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වී සිටිය දී හදිසියේ රෝගාතුර වී තිබේ.

ඉන් පසු තරමක සුවය ලැබූ ඔහු කළුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට ගොස් සති කිහිපයක් සිටිය දී ඊයේ රාත්‍රියේ හදිසියේම අසනීප වී නැවත කලුබෝවිලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

සිය පියාගේ ගීතවලට අමතරව ‘රැල්ලේ මුහුදු වැල්ලේ, නෙරංජලා ආදරේ කාටදෝ‘ ආදී ජනප්‍රිය ගීය රැසක් ඔහු විසින් ගායනා කරනු ලැබී ය.

දේහය දෙහිවල නැදිමාල 31/1 බෝධිරාජ මාවත පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු එළැඹෙන 05 වැනි දා (සෙනසුරාදා) ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here