අවශ්‍ය තරම් රටඉඳි තොග වෙළෙඳපොළට

0
10

රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පාරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රට ඉඳි තොග වෙළඳපොළට බෙදා හැරීමට කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා මුස්ලිම් සිද්ධස්ථාන හරහා රට ඉදි බෙදා හැරෙන අතර, පසුගිය වසරේ සෞදි අරාබිය විසින් රට ඉඳි ටොන් 150ක් මෙරටට නොමිළේ ලබාදෙනු ලැබී ය.

කෙසේ වෙතත්, මෙවර මැදපෙරදිග රටඉඳි අස්වැන්න අඩුවීම හේතුවෙන් නොමිළේ ලැබෙන රට ඉදි ප්‍රමාණය ද අඩු වී ඇති බව අග්‍රාමාත්‍යය කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here