”අලුත් ආණ්ඩුවක් ගැන කවුරුත් තාම මාත් එක්ක කතා කළේ නෑ” – ආර්. සම්බන්ධන්

0
3

නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් කිසිඳු පක්ෂයක් තම පක්ෂය සමග මෙතෙක් සාකච්ඡා කර නොමැති බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.

ඔහු මේ බව පැවසූවේ නව රජයක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයට සහය ලබා දෙන්නේ ද යන්න පිළිබඳව මාධ්‍ය විමසූ විට ඊට පිළිතුරු දෙමින් ය.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිය පක්ෂයට මෙතෙක් අවශ්‍යතාවක් නොමැති බව ඔහු පවසයි.

වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් ලබා දී ඇති තීන්දුවට ගරු කළ යුතු බව ඔහු පෙන්වා දේ.

කෙසේවෙතත් නව රජයක් පිහිටුවීම සඳහා සිය පක්ෂය සමග කිසිඳු පක්ෂ නියෝජිතයෙකු සාකච්ඡා කර නොමැති බැවින් ඒ පිළිබඳ තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් මෙතෙක් පැන නැගී නොමැති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here