“ගං වතුරක් හදිසියේම ආවා”-පුංචි රාධිකාගේ සංවේදී කඳුළු කතාව(VIDEO)

0
245

පසුගිය දිනවල ඇති වූ ආපදා තත්ත්වයෙන්  පවුල් ජීවිත විශාල ප්‍රමාණයක්  විපතට පත් වූණා.

ජීවිත හානි වගේම දේපල හානිත් සිදු කරමින් ඇති වූ මහා විපතෙන් මේ වනවිටත් විශාල පිරිසක් පීඩා විඳිනවා.

වලස්මුල්ල – පහළ හඳුගල ප්‍රදේශයත් ගං වතුරට යටවෙලා මුලුමනින්ම විනාශ වෙලා ගියා. මේ සිද්දවෙච්ච සෝචනීය ඉරණමට මුහුණ දෙන්න පුංචි රාධිකාගේ පවුලේ අයටත් සිදු වුණා.

ඉස්කෝලේ 8වසරේ ඉගෙන ගන්න රාධිකාගේ පොත් පත් විතරක් නෙමෙයි, ඉන්න හිටින්න කියා තිබුණු ගෙදරත් වතුරට ගසා ගෙන ගියා.

අධ්‍යාපන කටයුතු කර ගන්න වගේම අහිමි වුණ සිය නිවස ඉදි කර ගන්නත් ඇය ඔබෙන් පිහිට පතා සිටිනවා.

රාධිකාගේ කතාව අහන්න.. හැකි පමණින් උදව් කරන්න..ඇයට ඉතිරි මෙපමණයි.

ඇගේ සහෝදරයාව අමතන්න ..
0718906513

මේ ඇය අපට කියූ සංවේදී කතාව..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here