හෙට සිට වැසි වැඩිවෙයි

0
8

හෙට (04) සිට දිවයිනේ වැසි සහිත කාලගුණ තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක පස්වරු 02.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවන බව කාලගුණ දෙපාර්තමේන්තුව කියා සිටී.

දකුණ සහ ඌව පළාත්වලත් රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 50ක පමණ සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැකි ය.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here