වැසිබර කාලගුණය ඉදිරියටත්

0
5

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට දකුණ දෙසින් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සහ අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් අහස වලාකුළින් බර ව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ.

උතුරු මැද, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කි.මී 45-50 දක්වා තරමක් වූ තද සුළං බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිකුත් කළ නිවේදනයේ දැක් වේ.

එමෙන්ම දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් (මි.මි 75-100 අතර) තරමක් තද වැසි බලාපොරොත්තුවන බවත් එහි වැඩිදුරටත් දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here