විජයකලා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස රනිල් මෛත්‍රීගෙන් ඉල්ලයි

0
7

පරීක්ෂණ අවසන් වනතුරු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඇයගේ අමාත්‍ය ධුරයෙන් තාවකාලික ව ඉවත්කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබේ.

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතිය උල්ලංඝණය වී ඇත්ද යන්න විමර්ශනය කොට අදාළ නීතිමය පියවර ගන්නා ලෙස කථානායකවරයා විසින් නීතිපතිවරයාට ද දන්වා තිබේ.

මේ අතර විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය පවසන පරිදි එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතුය යන මතයේ උතුරේ ජනතාව නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඇය මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ දේශපාලන අරමුණක් මුල් කර ගනිමින් බව එම පක්ෂයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියා සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ ද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රාජ්‍ය අමාත්‍යවරියගේ මෙම ප්‍රකාශය තම පක්ෂය හෙළා දකින බවයි.

මේ අතර, රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට පෙර කොළඹට පැමිණ ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවනු ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here