අගමැතිට එරෙහිව විශ්වාසභංගයට සහාය දෙන බව රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් කියයි

0
61

Related image

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස බංග යෝජනාවක් ගෙන ආවහොත් ඒ සදහා දෑතම ඔසවා සහයෝගය දෙන බව නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ මහතා පවසයි.

ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන මතයේ තමන් දිගටම සිටියද ජනාධිපතිතුමන් විසින් රැඩිකල් තීන්දුවක් මසක් ඇතුලත ගන්නේ යයි වූ පොරොන්දුව නිසා එම කාලය ආණ්ඩුවේ සිටින බවද ඔහු සදහන් කරයි.

රටේ ජනාධිපතිවරයා විසින් කරන ලද එම ප‍්‍රකාශය විශ්වාස කර තමන් බලා සිටින බවත් එය ඉටු නොවුනහොත් තමන් තීන්දුවක් ගන්නා බවද නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටී.

ඒ කෙසේ වෙතත් අගමැතිවරයාට විරුද්දව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවට තමන් දෑතම ඔසවා සහයෝගය ලබා දෙන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here