ග්ලයිෆොසේට් තහනම ඉවත් කර නොමැති බව රතන හිමි කියයි

0
10

තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය රතන හිමියන් ප්‍රකාශ කරයි.

වස විසෙන් තොරව පරිසර හිතකාමී වගා කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් පැවැත්වෙන වැඩසටහනකට කොළඹ දී අද (03) එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ ජනාධිපති ලේකම්වරයාගෙන් කළ කරුණු විමසීමක දී ඔහු මේ බව කියා සිටි බවයි.

කෙසේ වෙතත් කොළඹ දී ඊයේ (02) මාධ්‍ය හමුවක් කැඳවමින් රබර් සහ තේ සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here