වඳ පෙති ගැන කතා කරන පෙති ගහන මල්ලිලා මේක කියවන්න

0
207

පසුගිය දින කිහිපය පුරාම ලංකාවේ හතරවටින්ම ඇහුණේ එකම කතාවක් ඒ තමයි “ වඳ පෙත්ත” සමාජ මාධ්‍ය පුරා
විවිධකාරයෙන් පැතිර ගිය මේ කතාවත් එක්ක එක එක ජාතියේ කතා මතු වෙන්න පටන් ගත්තා.
මේ කියන්න යන්නෙත් ඒ වගේ පෙත්තක් ගැන.. ප්‍රසිද්ධියේ කතා නොකළත් අප්‍රසිද්ධියේ කටින් කට කතා කරන
“ඇපල්”නැති නම් “FANTASY Pills” “Tramadol Hydrochloride” මේ ඕනම නමකින් මේක හඳුන්වන්න පුළුවන්.
“අන්තරායකාරී මත්ද්‍රව්‍යයක්” පැතිරී යන එහෙත් කවුරුත් නොදන්නා “ඇපල්” වෙනුවෙන් මේ වනවිට ශ්‍රීලංකාවේ වයස
අවු:16,17,18,19,20,21,22,23 පිරිමි ළමුන් හා තරුණයින් බිලි වී අවසානයි.

මත් කරන(Narcotic-like) ඖෂධයක් ලෙස වර්ගීකරනය කර ඇති ‘’ඇපල්” වෛද්‍ය නිර්දේශයන්ට අනුව මෙය යම් රෝගියකු
සඳහා ලබා දෙන්නේ අධික වේදනා නාශකයක්(severe pain killer) ලෙසටයි.
උදාහරණයක් ලෙස යුද්ධයේදී බෝම්බයකට හසුවී ශරීරයේ ඉනෙන් පහල කොටස වෙන්වූ සොල්දාදුවෙක්ගේ අධික
වේදනාව නැසීම සඳහා Tramadol නිර්දේශිත මාත්‍රාවක් කඩිනමින් ලබාදෙනු ලබයි.එය ලබා ගැනීමෙන් සුලු වේලාවකට
පසු තුවාලයට පත් සොල්දාදුවාගේ ශරීර අභ්‍යන්තරයේ Tramadol ක්‍රියාත්මක වී ඔහුගේ මුලු ශරීරයම ක්ශනික හිරි
වැට්ටවීමකට පත් කරයි.එකී හිරි වැටීම හේතුවෙන් ඔහුට තම ශරීරයේ ඇති අධික වේදනාව නොදැනී යයි.
එසේ නම් තවමත් කටේ කිරි සුවඳවත් නොගිය, ඉහෙන් බහින ලෙඩක් නැති තරුණ ඔබ “ඇපල්” අහුරු පිටින් ගිල දමන්නේ
කුමන හිරි වැටීමක් සඳහාද?
ජාතිවාදය අවුලමින් පැතිර යන වඳ පෙත්තට වඩා “ඇපල්” ඔබ දැනටමත් වඳ කර හමාරය. ඇපල් නිසා ඔබ ලබන හිරි
වැටීමේ භයානකත්වය කොතරම් දැයි කිව හොත් එය මුලුමහත් ජාතියම හිරිවැට්ටවීමට තරම් ප්‍රබලත්වයට පති වී
තිබේ.

ඇපල්” අධි මාත්‍රාවෙන්(overdose) පාවිච්චි කරන නාඹර තරුණ කොල්ලෝ වඳ පෙත්ත ගැන උඩ පැන පැන කතා
කරයි. 10ක් ගත්තොත් ඉන් අවමය තුන් හතර දෙනෙකු හෝ ඇපල් නිසා චූන් වී සිටීයි. යම් කිසි පිළිගත් ආයතනයක් මගින්
මේවා ගැන නියමානූකූලව සමීක්ශනයක් කළ බැලුවහොත් එයින් ලැබෙන සංඛ්‍යා,ප්‍රස්තාර දැකීමෙන් තුන් හෙළයේ
අම්මාවරුන්ට අප්පච්චිලාට ඔටෝමැටිකලි ‘හික්!’ ගෑවෙනු ඇත. “ඇපල් “ ඒ තරමටම සංකීර්ණය.
“වද පෙති” කිය කියා බුකියේ නටන සිංහල බොදු ගොවි අම්මා අප්පච්චිට දාව උපන් ඔබ හවස්වරුවේ කොල්ලො කුරුට්ටන්
හා එක්ව “ඇපල් අහුරු පිටින් ගිල දමා තනි පුද්ගලයකු වශයෙන් නොව කණ්ඩායම් වශයෙන් වඳ වෙමින් පවතී.
උන්ගේ කඩෙන් රෙදි ගන්න එපා, උන්ගේ කඩන් කෑම කන්න එපා කිය කියා ඇපල් නිසා මත් වී වැල් බයිලා ගහන තරුණ
ඔබ මුලුමහත් ජාතියම අගාදයට ඇදගෙන ගොස් අවසානය.
අහවලාගේ කඩේ තිබූ වද පෙත්ත ගැන වගේම ගමේ ගොඩේ “වඳ” භාවයට පත් කල හැකි Tramadol X ,
Pregablin,Vallium Diazepalm,Coezipalm,Sudol වැනි නිහඬ “වඳ පෙති” ගහන පොඩි කොල්ලො ටික ගැනත්
හිතුවනම් වඳ වෙන්න ඉන්න ජාතිය යන්තමින් හෝ රැක ගන්න පුළුවන් කමක් ලැබේවී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here