මස්කෙලියේ ඥාති යුවළගේ සිරුරු හමුවෙයි

0
43

මස්කෙලිය ඔයට පැන සිය දිවි හානි කර ගත් බවට සැක කෙරෙන ඥාති සහෝදරයා සහ සහෝදරියගේ මල සිරුරු නාවික හමුදා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ඉකුත් 26 වැනි දා සිට අතුරුදන් වී ඇති බවට ඔවුන්ගේ ඥාතීන් මස්කෙළිය පොලීසියට පැමිණිලි කර තිබූ අතර ඔවුන් දෙදෙනා ගමන් ගත් කැබ් රථයක් මස්කෙලිය, ගාඩිමෝර් මාර්ගයේ නතර කර තිබිය දී සොයා ගනු ලැබී ය.

එලෙස මියගොස් තිබෙන්නේ මහේන්ද්‍ර නමැති 28 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ පුංචි අම්මාගේ දියණියකවන 18 හැවිරිදි පරෙමිෂ්වරි මහාලේචිචමි නමැති තරුණියකි.

අදාළ තරුණයා රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර, ඔහු නැති වූ දුරකතනයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පොලීසියට යන බව පවසා සිය නැඟනිය සමග නිවසින් පිට ව ගොස් තිබේ.

මොවුන්ගේ බවට සැක කෙරෙන පාවහන් මස්කෙළිඔයේ අතු ශාඛාවක්වන බාග්‍ර ඔය ඇළ අසළ තිබී අද (28) සොයා ගෙන ඇති අතර එම ස්ථානයෙන් ඇළට පැන මීට පෙර පුද්ගලයින් සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here