Facebookවලින් Explore Feed ඉවත් කරයි

0
77

ෆේස්බුක් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06 ක් මුල් කර ගනිමින් හඳුන්වා දුන් Explore Feed නම් අමතර උපාංගය ඉවත් කර තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී ෆේස්බුක් විසින් News Feed අමතරව Explore Feed හඳුන්වා දෙනු ලැබී ය.

ශ්‍රී ලංකාව, බොලීවියාව, කාම්බෝජය, ගෝතමාලාව, සර්බියාව සහ ස්ලෝවේකියාව යන රටවල් සඳහා මෙම අමතර උපාංගය ෆේස්බුක් ආයතනය විසින් හඳුන්වා දී ඇත.

ෆේස්බුක් සිදුකළ මෙම අත්හදා බැලීම මගින් හඳුන්වා දුන් Explore Feed නම් අමතර උපාංගයේ ඇතුළත් වූයේ ෆේස්බුක් ගිණුම හිමිකරු විසින් සිය කැමැත්ත පළකර ඇති ෆේස්බුක් පිටු විසින් පළ කරන තොරතුරු ය.

කෙසේ වෙතත් ඔවුන් හඳුන්වා දුන් එම නව උපාංගය කෙරෙහි එතරම් සතුටුදායක ප්‍රතිචාර නොලැබී ඇති බව සිදු කළ සමීක්ෂණවලට අනුව හෙළි වී තිබේ.

ඒ අනුව Explore Feed නම් අමතර උපාංගය ඉවත් කිරීම කෙරහි තම විශේෂ අවධානය යොමුව ඇති බව පසුගිය දා ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර ඇත.

Explore Feed නම් අමතර උපාංගය හඳුන්වා දීමට පෙර සියලු තොරතුරු ෆේස්බුක් ගිණුම හිමිකරුට සපයනු ලැබුවේ News Feed හරහා ය.

ඒ අනුව Explore Feed ඉවත් කිරීමත් සමග නැවතත් පෙර පරිදි ෆේස්බුක් ඔස්සේ පළවෙන සියලු තොරතුරු News Feed ඔස්සේ ෆේස්බුක් ගිණුම හිමිකරුට දැක ගැනීමට හැකියාව ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here