ආහාර රසායනාගාරයක් අරඹන බව ඇමති රිෂාඩ් කියයි

0
19

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහතිකලත් ආහාර රසායනාගාරය ආරම්භ කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති ‘PRO FOOD PRO PACK’ සම්මාන උලෙළෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කාර්මික සංවර්ධන මණ්ඩලය රු.මිලියන 140 ක් වැයකර ශ්‍රි ලංකාවේ සහතිකලත් ආහාර රසායනාගාරය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ආරම්භ කිරීමට සුදානමින් සිටිනවා. මෙය ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ආහාර නිෂ්පාදන පරීක්‍ෂා කරන ප්‍රථම රසායනාගාරය වෙනවා. ඒ සඳහා කර්මාන්ත සංවර්ධන නිලධාරීන් දිස්ත්‍රික්ක මට්ටමින් සේවයේ යෙදවීමට බලාපොරොත්තු වෙනවා. එසේම මෙම රසායනාගාරය මඟින් දේශීය හා විදේශීය වශයෙන් ආහාර ප්‍රමිතිය, ශ්‍රි ලංකාවේ ප්‍රමිති ආයතනය හා ISO ජාත්‍යන්තර ප්‍රමිතියේ මට්ටමින් පරීක්‍ෂා කෙරෙනවා. මේ මගින් අපේ ආහාර අංශය ඉහළම මට්ටමින් සංවර්ධනය කිරීමටත්, එමඟින් ලැබෙන අපනයන ආදායම වැඩි කර ගැනීමටත් අපේක්‍ෂා කෙරෙනවා.” යැයි පවසා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here