“සිය දිවි නසා ගැනීමට උත්සහ කරා”Fast and Furious නිසා ජනප්‍රිය වූ සුපිරි නළුවා කියයි

0
121

මල්ලව පොර සටන්කරුවකු වන ඩ්වේන් ඩග්ලස්‌ ලොව ප්‍රකට නළුවෙකි. 45 හැවිරිදි ඔහු The Rock නාමයෙන් ද හදුන්වනු ලබයි. ඇමෙරිකාවේ ප්‍රමුඛතම මල්ලව පොර ශූරයකු වූ හෙතෙම 2002 වසරේදී The Scorpian King චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑවේය. ඒ සදහා ඔහුට ඩොලර් මිලියන 5.5 ක මිලක්‌ ලැබිණි. ෆොර්බ්ස්‌ සගරාවට අනුව ඩ්වේන් ලොව ප්‍රමුඛතම නළු නිළි කැළට අයත් වන පුද්ගලයෙකි.

Fast and Furious චිත්‍රපට මාලාව නිසා ජනප්‍රියත්වයට පත් වූ හෙතෙම පසුගිය කාලයේ විශාදය රෝගයෙන් පීඩා වින්දේය. තමා මානසිකව පීඩාවට ලක්‌ වූ කාලයේ තමන්ට සහනය පැතූ රසික රසිකාවියන්ට ස්‌තූතිය පිරිනමන බව හෙතෙම පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ප්‍රකාශ කර තිබිණි.

වයස 15 දී මව තමා ඉදිරියේදීම සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ බව ඔහු හෙළිදරව් කර ඇත. වාහනයකට පැන දිවි නසා ගැනීමට උත්සාහ කළ ඇය බේරා ගැනීමට තමා කටයුතු කළ බවත් හෙතෙම සදහන් කර තිබිණි.

මේ අත්දැකීම් තමා ද මානසික පීඩනයට ලක්‌වීමට බලපෑ බව මේ සුපිරි නළුවා හෙළි කර තිබේ.

තමාටද නොයෙක්‌ වාරයක්‌ සිය දිවි නසා ගැනීමට සිතුණු බව ඩ්වේන් හෙළි කර ඇත.

තම මවත්, තමාත් විශාදය රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ලැබූ බවත්, එයින් මිදී ඇති බවත් ඔහු කියයි.

මේ රෝගයෙන් පීඩා විදින අයට සහනය සැලසීමට සූදානම් බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here