‘Rolls Royce’ රියට පොලීසියෙන් දඩ කොළයක්

0
46

ලොව පවතින විවිධ මාදිලියේ මෝටර් රථ මෙරටට ආනයනය කිරීම මේ දිනවල ඉතාමත් විශාල ලෙස සිදුවෙමින් පවතින්නක්. එමන්ම ලොව මිල අධික සන්නාම යටතේ නිපදවෙන ඇතැම් මෝටර් මෙරට පාරිභෝගිකයන් ද මිලදී ගැනීමට පෙලඹී හමාරයි. එවැනි ලොව ප්‍රබල මෝටර් රථ සන්නාමයක් ලෙස ‘Rolls Royce’ හැඳින්විය හැකි ය. මෙම ආයතනය නිපද වූ ‘Rolls Royce Wraith’ මාදිලියේ මෝටර් රථයක හිමිකරුවෙකු වීමට මෙල්වා සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයාට හැකියාව ලැබීම සුවිශේෂී කරුණක්. මෙතෙක් මෙරටට ආනනයනය කළ මිලෙන් අධිකම මෝටර් රථය ද මෙම මෝර්ට රථයවීම තවත් සුවිශේෂී කරුණක්. කෙසේවෙතත් මෙම රථයට ද පළමු දඩ කොළය නිකුත් වී තිබේ.

රුපියල් මිලියන 158 වටිනා මෙම මෝටර් රථය කුරුණෑගල ප්‍රදේශය ආසන්න ව ධාවනය වෙමින් තිබිය දී එම රථය නවතමින් දඩ කොළයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා රථවාහන පොලීසියට හැකියාව ලැබී ඇත. මෙම සිදුවීම ඇතුළත් ඡායාරූපයක් මේ වන විට ද සමාජ ජාල වෙබ් අඩවි තුළ හුවමාරුවෙමින් පවතී. කුමන හේතුවක් මත මෙසේ දඩ කොළයක් නිකුත් කළා ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

මෙම ‘Rolls Royce’ ආයතනය ‘BMW’  ආයතනය යටතේ පවතින තවත් එක් ආයතනකි. මෙම රථය දොර දෙකක මෝටර් රථයකි. ‘Rolls Royce Wraith’ රථය නිපදවීමට පැය 450 පමණ කාලයක් වැයවන බව සඳහන් වේ. මේ රථය දෑතින් නිෂ්පාදනය කරන මෝටර් රථයක් වීම සුවිශේෂි කරුණකි. මෙම මෝටර් රථය ටොන් 02කි. අධි සුඛෝපභෝගී රථයක්වන මෙය ඉස්තරම්ම අමුද්‍රව්‍ය යොදාගනිමින් නිපදවා ඇත. වාහනයේ ඇතුළත සිට එහි ඉහළ ආවරණය දෙස බැලූ විට දිස්වන්නේ තරු පිරි අහසක් යට සිටිනු වැනි දසුනකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here