රුසියානු ජනපති සමග සාකච්ඡා කිරීම පිළිබද ට්‍රම්ප්ගේ හමුදා ප්‍රධානීගෙන් අනතුරු ඇගවීමක්

0
6

Image result for Donald Trump and vladimir putin

එළඹෙන මාසයේදී යුරෝපයේදී අමෙරිකානු-රුසියානු සමුළුවක් පැවැත්වීමේ ඉඩකඩ පවතින බවට “ද ටයිම්ස්” පුවත්පත වාර්තා කර සිටී. පසුගියදා චීනයේ පැවති සමුළුවකට සහභාගිවූ රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ අමෙරිකානු ජනාධිපතිවරයා සමග සාකච්ජා කිරීමට තමන් කැමති බව ය.

ලබන ජුලි මාසයේදී නේටෝ සමුළුවට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍ය බලා යන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් අනතුරුව රුසියානු ජනාධිපති වැලැඩිමීර් පුටින් සමග සාකව්ජා පැවැත්වීමට සුදානමක් පවතින බව ධවල මන්දිර ආරංචි මාර්ග වලින් දැනටමත් වාර්තා වී ඇති බව “ද ටයිම්ස්” පුවත් පත සඳහන් කර සිටී.

අැමෙරිකා-රුසියානු සමුළුව බොහෝ විට වියානා හිදී පැවැත් වීමට ඉඩ ඇති බව වාර්තා වේ.

මේ අතර බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියා සඳහන් කරන්නේ රුසියාව යුද්ධයක් සඳහා සිය හමුදාවන් සුදානම් කරමින් සිටින බව ය.

රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ජා කිරීමට ජනාධිපති ට්‍රම්ප් ගේ සුදානම් වීම ගැන ඔහුගේ හමුදා ප්‍රධානි ජෙනරාල් මාර්ක් කාර්ල්ටන් – ස්මිත් විසින්ද අනතුරු අඟවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here