පුටින්ගේ අනාවැකිය නිවැරිදි වෙයි- රුසියාවට වෙච්ච දේ මෙන්න

0
22

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සත්කාරක රුසියාව සමත්විය. ඒ ප්‍රභල ස්පාඤ්ඤ කණ්ඩායම 4-3ක් ලෙස දඬුවම් පහරින් පරාජයට පත්කරමිනි. ඒ අනුව ‍මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කණ්ඩායම් තුනක්ම තරගාවලියෙන් ඉවත්වී තිබේ. ඒ ස්පාඤ්ඤය, පෘතුගාලය හා ආජන්ටිනාවයි.

සත්කාරක රුසියාව මෙවර තරගාවලියට එක්වූයේ තරගාවලිය සඳහා එක්ව සිටි කණ්ඩායම් 32 අතරින් ශ්‍රේණිගත කිරීම්හි අවසන් ස්ථානයේ පසුවූ කණ්ඩායම ලෙසිනි.

එසේ වුවත් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කළේ සිය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ වෙනසක් කරනු ඇති බවයි.

තරගය ආරම්භ වීමට මත්තෙන් ජනපතිවරයා රුසියානු කණ්ඩායමට දුරකතන ඇමතුමක් ලබාදෙමින් සුබ පැතුම් එක්කර ඇති අතර කෙසේ වෙතත් ඔහු තරගය නැරඹීම සඳහා එක්ව නොසිටියේය. අර්ධ අවසන් පූර්ව තරගය නැරඹීම සඳහා ජනපතිවරයා එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

ස්පාඤ්ඥය හා පැවැති තරගයේදී 12 වැනි විනාඩියේදී රුසියානු ක්‍රීඩක ඉග්නැසෙවිච් ස්පාඤ්ඤ දැළ තුළට පන්දුව යොමු කිරීම හේතුවෙන් ස්පාඤ්ඤයට ඔවුන් ගෝලයක් හිමිවූ අතර ඒ අනුව ඔවුන් තරගයේ පෙරමුණ ගත්තේය. කෙසේ වෙතත් පළමු අර්ධය නිම වීමට ප්‍රථමයෙන් රුසියාවේ ඩිසුබා 41 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තරගය සම කර ගත්තේය.

ඉන් අනතුරුව දෙවැනි අර්ධය නිමාවන තෙක්ම හා අතිරේක කාලයේදී කිසිම ක්‍රීඩකයෙකුමට ගෝලයක් වාර්තා කිරිමට නොහැකිවූ අතර තරගයේ ජය තිරණය කිරීමට දඬුවම් පහර වටයට ගිය අතර රුසියාව අවස්ථා පහෙන් 4ක් සාර්ථක කර ගනිද්දී ස්පාඤ්ඤයට සාර්ථක කර ගත හැකිවූයේ අවස්ථා තුනක් පමණි.

ලෝකයේ ප්‍රමුඛතව පාපන්දු ලීග තරගාවයක් වන ලා ලීගා තරගාවලිය පැවැත්වෙන රටවන්නේද ස්පාඤ්ඤයයි. එම කණ්ඩායම ලෝකයේ ප්‍රභල ක්‍රීඩකයන් කිහප දෙනෙකුගෙන්ම සමන්විත කණ්ඩායමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here