වරද පිළිගත් සජින් වාස්ට රුපියල් 1000ක දඩයක්

0
13

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට රුපියල් 1000ක දඩයක් නියම කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල විසින් අද (07) දින එම නියෝගය ලබා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයෙකු සිට 2011 මාර්තු 31 වැනි දා සිට 2012 මාර්තු 31 වැනි දා දක්වා වත්කම් බැරකම් හෙළි නොකිරීම අපෝසත්වීම නිසා අල්ලස් දුෂණ විමර්ශන කොමිසම් සභාව විසින් ගුණවර්ධනට එරෙහිව එම නඩුව පවරා තිබේ.

අද දින නඩුව කැඳ වූ අවස්ථාවේ අධිකරණය විසින් මෙම දඩය නියම කර ඇති අතර යම් හෙයකින් ඔහු එම දඩය නොගෙවන්නේ නම්, ලිහිල් දඬුවම් සහිත වසරක දඬුවමක් ලබා දීමට ද නියම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here