අදත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි

0
4

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම අනුරාධපුර දිස්ත්‍රිකයට සිහින් වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය  කරයි.

දිවයින හරහා විශේෂයෙන් උතුර, උතුරුමැද, වයඹ පළාත්වලට සහ මාතලේ ත්‍රිකුණාමලය, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර 40ත් 50 ත් පමණ තද සුළං ඇතිවිය හැකි ය.

එසේම පුත්තලම සිට කොළඹ, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල මුහුද රළුවිය හැකි නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here