පාසල් දැරියකගේ මළ සිරුරක් ළිඳක තිබි හමුවෙයි

0
14

පාසල් නිළ ඇඳුමකින් සැරසි සිටි පාසල් දැරියකගේ මළ සිරුරක් යාපනය සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ දැරිය ඊයේ (25) පාසල් ගොස් නැවත නි‍වස වෙත නොපැමිණ ඇති අතර, දැරිය නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් සොයා බැලීමේ දී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබි සොයාගෙන ඇති බවයි.

යාපනය, සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි ශිවනේශ්වරන් රෙජීනා නමැති දැරියකගේ මළ සිරුරක් එලෙස සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

පොලීසිය පැවසූවේ කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලද දැරියගේ සිරුරක් එලෙස සොයාගත් බවයි.

සිරුර ඊයේ (25) සවස ළිඳෙන් ගොඩගෙන යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (26) යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදි පැවැත්වීමට නියමියි.

දැරියගේ මරණය ළිඳට වැටී සිදුවූවක් ද, නැතහොත් වෙනත් හේතුවක් ද යන්න සම්බන්ධයෙන් සොයා වඩ්ඩුකොඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ ‍මෙහෙයවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here