ගෙල වැලලාගෙන පණ අදිමින් සිටි සිසුවියක් මුදා ගත් හැටි

0
97

එකලොස් හැවිරිදි පාසල් සිසුවියක් අද (23) තම නිවසේදි ගෙල වැලලාගෙන පණ අදිමින් සිටියදී ප්‍රදේශවාසින් පිරිසක් දැක ඇය ඉන් මුදා ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.

පසුව ඇයගේ තත්ත්වය බරපතල නිසා එම සිසුවියව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බව නොර්වුඩ් පොලිසිය පැවසීය.

හැටන් දික්ඔය වනරාජා වත්තේ වර්ලි කොටසේ පදිංචි මෙම දැරියගේ පියා මවගෙන් වෙන් වි ජිවත් වන බවත් එම සිසුවිය නිවසට යාබදව පිහිටි තාවකාලිකව ඉදිකර ඇති කාමරයක බාල්කයේ අද (23) පෙරවරු 11.30 ට පමණ මෙලෙස ගෙල වැලලාගෙන සිටියදි ප්‍රදේශවාසින් දැක ඇයව ඉන් මුදා ගෙන තිබේ.

එම සිසුවිය නොර්වුඩ් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක 6 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටින බව පොලිසිය කියා සිටී.
ගෙල වැලලා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here