පිටකොටුවේ හා ජම්පටාවීදියේ වෙඩි තැබීම් ගැන හොයන්න පොලිස් කණ්ඩායම් කීපයක්

0
3

පිටකොටුවේ සහ ජම්පටාවීදියේ සිදු වූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

ඊයේ (09) උදෑසන පිටකොටුවේ සිදු වූ වෙඩි තැබීමකින් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර පෙරේදා (08) රාත්‍රියේ ජම්පටාවීදියේ සිදු වූ වෙඩිතැබීමකින් අඹුසැමි යුවලක් ජිවිතක්ෂයට පත් විය.

අදාළ ඝාතනයන් කාලයක සිට පැවති ආරවුල් මත සිදු ව ඇති බවට මුලික විමර්ශනවලින් අනාවරණය වි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පිටකොටුවේ දී ඝාතනයට ලක් වූ නාගරික මන්ත්‍රීවරයා ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් දෙවරක් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු බව රුවන් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here