”ශලනි පව්, දසුන් පව් ඒ වගේම එයාගේ බිරිඳත් පව්” – දසුන්ගේ වියෝවෙන් පසු ජනතාව කියන කතා

0
15751

ජනප්‍රිය නිළි ශලනි තාරකා සිය ෆේස්බුක් පිටුවට ඇතුළත් කරන පෝස්ට් සඳහා මේ දිනවල දී ඇයගේ රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් ඇයගේ හිත ශක්තිමක් කිරීමට කටයුතු කරන ආකාරය දැක ගත හැකිවෙයි.

ඇය මේ දිනවල වැඩි වශයෙන් ආදරය, විරහව වේදනාව, වෙනුවෙන් නිර්මාණය වූ පෝස්ට් ශෙයා කරන බව දක්නට ලැබෙනවා.

ඒ වගේම මිය ගිය දසුන් නිශාන් ද සිල්වා, ඔහුගේ බිරිඳවන සංදීපනී රණතුංග සහ ජනප්‍රිය නිළි ශලනි තාරකා දෙස ද සානුකම්පිත ව බලා විවධ අදහස් පළ කරන ප්‍රේක්ෂකයන් පිරිසක් ද සිටී.

දසුන්ට බැණපු, ශලනිව විවේදනය කරපු බොහෝ දෙනෙක් අතරින් තරමක් වෙනස් ආකාරයට මෙම සිදුවීම සම්බන්ධයෙන් දැක් වූ අදහස් කිහිපයක් පහතින්:

“අනේ අක්කෙ ඔයා පව් දසුන් ප්‍රශ්නෙ විසඳන් එනකං එයා එක්ක ඉන්න තිබුනා” කියලා කී දෙනෙක් නම් කියලද.. දසුන් පවුල කඩන් ශලනි එක්ක ගියා නම් අද මේ කමෙන්ට් දාපු කී දෙනෙක්, නෙහාරට, චතුරිකාට වගේ සාප ඉල්ලයි ද.? අපේ ලංකාවෙ ඉන්නෙ දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන මිනිස්සු. ශලනි පව්, දසුන් පව් ඒ වගේම එයාගෙ වයිෆුත් පව්. ජීවිතේට ආදරේ එන්නෙ කලින් කියලා නෙවෙයි. වෙන්න තියන දේ සිද්ධ වෙන්නෙ. අපේ කට්ටිය දැන්වත් ඔය පණ පිටින් ඉන්න අනිත් මිනිස්සුන්ටවත් පාඩුවෙ ඉන්න දුන්නානම් හොඳයි කියලයි මට හිතෙන්නෙ”

”හරිම ලස්සනයි. ඔබට හොඳ හැකියාවක් තියෙනවා. මේ තමයි ඇත්ත සිද්ධිය. ශලිනිට දොස් කියන එකනම් හරිම පව්. විශේෂයෙන් විශාල වේදනාවක් දරාගෙන ඉන්න වෙලාවේ. ඒ දෙන්නා තරහවෙලාවත්, ශලිනි වෙන කෙනෙක් හොයාගෙනවත් අයින් වෙලා නෙමෙයිනෙ. ආදරය කළ කෙනා ඒ ආදරය නිසාම ජීවිතයෙන් සමුගැනීම කෙනෙකුට දරාගන්න පුළුවන් ද? එතනට යන්නත් බැහැ එතන අඬන්නත් බැහැ. ඒත් මේ හිතට මොන වේදනාවක් දැනෙනවා ඇත්ද? නොහඳුනන අපටත් මේ තරම් වේදනාවක් දැනෙනවානම්”

”ශලිනි අක්කා.. දෙයක් වෙන්න ඕනි මිනිස්සු අඳුර ගන්න.. ගොඩක් අය ඔයාව විවේචනය කරා බැන්නා.. අපහාස කළා..ඒ මෝඩ මිනිස්සුන්ගේ කතාවලට කිසිසෙත්ම දුක් වෙන්න එපා… මිනිස්සුන්ට කතා හදන්න හරි ලේසි… ඔය ඔයාට බනින මිනිස්සු හරියට 100%ක්ම නිවැරදි මිනිස්සුද..?
දසුන් අයියා ඔයාට ආදරේ කරන්න ඇති…එයාට ඔයාගේ වෙන්වීම දරා ගන්න බැරි වෙන්න ඇති.. ජීවිතේට එහෙම හානියක් කරගන්න පෙළඹෙන්න එයාගෙ හිත දුර්වල වෙන්න ඇති.. ඉවසිම අඩු වෙන්න ඇති.. ඒ දැනුනු වේදනාව, දුක දන්නෙ එයා විතරයි..ඒ වගේම ඔයාටත් ලොකු වේදනවක්..දුකක් ඒක නොදන්නවා නෙවෙයි…දැන් හැම දේම වෙලා ඉවරයි…නැවත දසුන් අයියා එන්නෙ නැහැ… ඔයා ඔයාගෙ ගමන නිවැරැදිව යන්න අක්කා…විවේචන වලට සැලෙන්න එපා…”

”ශක්තිමත් වෙන්න ශලිනි. ඔයා අහිංසකයි. දෙවියන් වහන්සේ ඔයා සමග ඉන්නවා. ඔයාගේ පරන පෝස්ටින් දකින ඕන කෙනෙකුට තේරෙනවා ඔයාගේ අතේ කිසිම වරදක් නැති බව. කතාව කියන දසුන්ගේ යාළුවා කියන හැමදේම ඇත්ත කියලා ඔයා දාපු ඒවත් දසුන් දාපු ඒවත් දකින ඕන කෙනෙකුට තේරෙනවා. ඔයා ආදරය හිතේ දරාගෙන අයින් වුනේ සදාචාරයට පටහැනිව යන්න බැරි නිසා. එයාගේ හිතේ පුංචිවත් තරහක් තිබිලා නැහැ. වරද එයාගේ අතේ බව එයා දන්න නිසා. එයා අපි හුඟ දෙනෙක් ගොඩක් ආදරය කරන ගෲෂාට ඔයාව සමාන කළේ ඒකයි. එයා දැන හිටියා ඔයා එහෙම කළේ ආදරය නැතිව නෙමේ කියන බව. මෙතන දී මිනිසුන් දසුන්ට බණිනවා. එයා සදාචාරය අතින් වැරදි ඇති. ඒත් ඇත්තම ආදරය මොකක්ද කියලා අඳුරගන්නකොට මහමෙරක් තරම් ආදරයක් හිතට දැනෙනකොට සිතකට සීමා මායිම් අමතක වෙනවා. ඔයා අඬන්න ශලිනි. ඇස්වල කඳුලු ඉවර වෙනකම් අඬන්න. ඊට පස්සේ හිත හදාගන්න. ඔයාට කරන්න කිසිම දෙයක් තිබිලා නැහැ. ඔයා නිසා නෙමෙයි එයා මැරුනේ. එයාට ඔයාව ලබාගන්න බැරි නිසා. ඒකට ඔයාට කරන්න දෙයක් නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here