වියරු වූ 19 හැවිරිදි කාමාතුරයෙක් දෙදරු මවක් කෙළසයි – එම කාන්තාවගේ ගර්භාෂයට සිදු වූ දැඩි හානි නිසා ඇය මියයයි

0
298

41 හැවිරිදි දෙදරු මවක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ 19 හැවිරිදි තරුණයෙකු රුසියාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බරපතල අපයෝජනයට ලක් වූ කාන්තාව රෝහල් ගත කිරීමෙන් අනතුරු ව මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දෙදරු මවගේ ගර්භාෂය දැඩි ලෙස හානි වී ඇති අතර ඒ හේතුවෙන් මරණය සිදු ව ඇතැයි පරීක්ෂණවල දී අනාවරණ වී තිබේ.

අවමංගල උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මෙම කාන්තාව නිවසට යෑමට සිටි අවස්ථාවේ සැකකාර තරුණයා සිය මෝටර් රථයෙන් ඇය රැගෙන යාමට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ.

එලෙස යමින් සිටිය දී අතරමග ප්‍රදේශයක රථය නවත්වා ඔහු එම කාන්තාව කෘර ලෙස වධ හිංසනයට ලක් කරමින් අපයෝජනය කර තබේ. සැකකරු විසින් එම කාන්තාවගේ ඇඳුම් සියල්ල ඉරා දමා තිබේ.

අනතුරුව ඇය මෝටර් රථයේ දමා සැකකරු පළාගොස් ඇති අතර එම ස්ථානයෙන් ගමන් කළ පිරිසක් සිද්ධිය දැක පොලීසිය දැනුවත් කර තිබේ.

රෝහල් ගත කරන විට ඇය ජීවත් ව සිටි බැවින් ඇයට ශල්‍යකර්මයක් ද සිදු කිරීමට කටයුතු කර තිබේ. එහෙත් ගර්භාෂයට සිදු වූ බරපතල හානි හේතුවෙන් ඇය මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැකකාර තරුණයා එම කාන්තාවගේ සිරුරට ඇතුළු කළ මෝටර් රථයේ කාර්මික උපකරණයක් ශල්‍යකර්මයේ දී සොයාගෙන ඇති අතර එය රුධිරයෙන් වැසී තිබු බව පොලීසිය පවසයි.

මියගිය කාන්තාවට අවුරුදු 13ක දැරියක් සහ අවුරුදු 11ක් වයසැති පිරිමි දරුවෙකු ද සිටී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here