භූමදානය කළ යුවතියක් දින 25කට පසු සියල්ලන් මිවිත කරමින් නැවත ගෙදර එයි

0
194

කළු ගඟේ පාවෙමින් තිබිය දී ගොඩට ගෙන නාගොඩ මහ රෝහලේ තැන්පත් කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අතුරුදහන් ව සිටි තම දියණියගේ බවට මව්පියන් විසින් හඳුනා ගැනීමෙන් පසු නිවසට රැගෙන ගොස් භූමදාන කර තිබිය දී දින කිහිපයකට පසු ඇය නිවසට පැමිණි පුවතක් වාර්තා වේ.

28 හැවිරිදි ඇය දරුවා ද සමග අතුරුදන් ව සිට ඇති අතර ඇය නැවත නිවසට පැමිණ තිබුණේ දරුවා ද සමගින් ය.

ඉමෝ තාක්ෂණය ඔස්සේ හඳුනාගත් තරුණයෙක් සමග ඇති කර ගත් සම්බන්ධතාවක් මත ඔහුත් සමග නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හල්වල තමා නැවතී සිටි බව ඇය පොලිසියට පවසා ඇත.

ඉකුත් 10 වැනි දා කළු ගඟේ පාවෙමින් තිබිය දී නාඳුනන කාන්තාවකගේ සිරුරක් කළුතර පොලිසිය විසින් ගොඩගෙන නාගොඩ රෝහලේ තැන්පත් කර තිබිණ.

පසුව අතුරුදන්ව සිටි කාන්තාවගේ පියා පැමිණ අදාළ සිරුර තම දියණියගේවන බවට හඳුනාගෙන ඇත.

අදාළ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා තිබුණු අතර මරණයට හේතුව පසුව දක්වන බව සඳහන් වී ඇත.

අදාළ කාන්තාවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉකුත් මාර්තු 24 වැනි දා පොලිසියට පැමිණිලි කර තිබූ අතර මෙසේ නැවත ඇය නිවසට පැමිණ තිබුණේ දින 25කට පසු ව ය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here