මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙක් STF වෙඩි පහරින් මරුට

0
11

කඹුරුපිටිය, විල්පිට ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බළකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවක දී ප්‍රබල පාතාල කල්ලි නායකයෙකුවන මාකදුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන මානෙල් රෝහණ නොහොත් තිලක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

ඊයේ (25) රාත්‍රී 07.45ට පමණ කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයේ විල්පිට ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී ත්‍රීරෝද රථයක් නවතන ලෙසට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විසින් අණකර ඇති අතර අදාළ ත්‍රිරෝද රථය පොලිස් අණ නොතකා ධාවනය කර ඇත.

ඒ අනුව පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් සමග එක්ව පොලිස් නිලධාරීන් අදාළ ත්‍රිරෝද රථය හඹාගොස් තිබේ.

එහි දි ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් පොලිස් විශේෂ කාර්යය බළකාය දෙසට වෙඩි තබා ඇති අතර පසුව ඔවුන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

එම ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පසුව ඔහු ජීවිතක්ෂයට පත් ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හේවාසුදු අකුරුගේ මානෙල් රෝහණ නොහොත් තිලක් නමැති කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මාකඳුරේ මදුෂ් නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ දකුණු පළාත තුළ සිටින ප්‍රධානතම සහයකයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here