අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

0
7

අද (01) පස්වරු 02.00න් පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල මෙලෙස වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය විටෙක පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here