ශ්‍රී අමරදේවගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කරයි

0
14
හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩි. අමරදේවයන්  නමින්   හම්බන්තොට ඉදි කෙරුණු   ‘ශ්‍රී අමරදේවගම‘ උදා ගම්මානය  ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පසුගියදා  එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම්  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අමරදේව   මහතාගේ   බිරිඳ  වන  විමලා අමරදේව මහත්මිය සහ දරුවන් දෙදෙනා  මේ අවස්ථාවට එක්ව  සිටි අතර  නිවාස ජන අයිතියට පත් කිරීමේදී එක්  නිවසක් නිල වශයෙන් නිවැසියන් වෙත භාර දීම  අමාත්‍යවරයා සහ විමලා අමරදේව මහත්මියගේ  ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.
 මෙහිදී  ප්‍රතිලාභීන් 250 දෙනෙකු සඳහා ‘විසිරි ණය‘ යෝජනා වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 250ක ණය මුදල්, ප්‍රතිලාභීන් 100 දෙනෙකු සඳහා ශිල්ප සවිය යටතේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා උපකරණ බෙදාදිම, පවුල් 120ක් සඳහා සොදුරු පියස නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ 240ක් වටිනා චෙක් පත් ප්‍රදානය කිරීම, දෘෂ්‍යාභාධිත පුද්ගලයින් 150 දෙනෙකු සදහා ඇස් කණ්නාඩි ලබා දිම හා වකුගඩු සායනයක්, දේශීය වෛද්‍ය සායනයක්ද  මෙහිදී පැවැත්විණි.
මේ අවස්ථාව සඳහා ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  මහතා සහ  කලාකරුවෝ  රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here