සිංහරාජයේ අලි දෙදෙනාට කෑම වනජීවී අමාත්‍යාංශයෙන්

0
6

සිංහරාජ වනයේ වෙසෙන වන අලින් දෙදෙනා එම කැලයේම ස්ථානයකට කොටුකර උන්ට අවශ්‍ය කෑම බීම සියල්ල වන ජීවී අමාත්‍යාංශයෙන් දීමට පියවර ගෙන ඇතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම පවසයි.

ඔහු ඒ බව පැවසූවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී විමල් වීරවංශ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ය.

විමල් වීරවංශ…

ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා විද්‍යාත්මක පදනමක් යටතේ ඔබටත් ඇමතිවරයාටත් වනජීවී අමාත්‍යංශය බාර දීම ගැන. මගේ ප්‍රශ්නය ජනාධිපතිතුමාගේ මැදිහත්වීම නිසා සිංහරාජ වනයේ අලිටික රැගෙන යන්න ඔබතුමාලාට බැරි වුණා. දැන් ඒ අලි දෙන්නා ගෙනියනවද සිංහරාජය තුළ ඉන්න දෙනවද?

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම
මේ අලි දෙන්නට අවුරුදු 10යක ආයු කාලයක් තියෙනවා. මුලින්ම ගමම අලි දෙන්නා ගෙනයනවාට විරුද්ධ වුණා. නමුත් දැන් එක පයින් කියා සිටිනවා අලි දෙන්නා අරන් යන්න කියලා. ගමේ අයට ලොකු පීඩනයක් තියෙන නිසා හොරව්පතානට ගෙනියන්න හැඳුවා.

අපට මේ ඇමතිකම විද්‍යාත්මකව දීලා තියෙනවා කියලා ඔබතුමා කිව්වා. ඕකේ පොඩ් අපහාසාත්මක පැත්තකුත් තියෙනවා. ජාන විද්‍යාත්මකව බැලුවත් මේක සතෙකුට දෙන්න ඕන අමාත්‍යංශයක් නොවෙයි යැයිද නියෝජ්‍ය ඇමතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here