දන්සල් සඳහා නිර්ණායක 06ක්‌

0
4

දන්සල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක 06ක්‌ බුද්ධශාසන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව දන්සල් පැවැත්වීමේ දී සහ ආධාර එකතු කිරීමේ දී ප්‍රදේශයේ විහාරාධිපති ස්‌වාමීන් වහන්සේලාගේ අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරිවරයාගේ දැනුවත්වීම මත සිදු කිරීම, මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම, සෞඛ්‍යාරක්‍ෂිත ලෙස ආහාර පිළියෙළ කිරීම, දන්සල් පැවැත්වීමේ දී බෞද්ධ කොඩිය වෙනුවට කහපැහැති කොඩියක්‌ භාවිත කිරීම, මත්ද්‍රව්‍යවලින් තොරව කටයුතු කිරීම සහ සැදැහැ සිතින් ආචාරශීලීව කටයුතු කිරීම යන නිර්ණායක අනුව කටයුතු කිරීම සුදුසු බව බෞද්ධ කටයුතු කොමසාරිස්‌ ජනරාල් නිමල් කොටවලගෙදර පවසයි.

විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයන් දන්සල් පැවැත්වීමේ මුවාවෙන් සිදුකළ ජාවාරම් නතර කිරීමේ අරමුණින් බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ උපදෙස්‌ මත එම නිර්ණායකයන්ට අනුව කටයුතු කළ යුතු බවට උපදෙස්‌ දුන් බව ද නිමල් කොටවලගෙදර වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here