ඔබේ ATM කාඩ්පත “ස්කිමර් ඩිවයිස්” වංචාවෙන් බේරාගන්න – අවධානයෙන් සිටින්නැයි පොලීසිය කියයි

0
71

ව්‍යාජ ලෙස සකස් කරන ලද ATM කාඩ්පත් උපයෝගී කර ගනිමින් දිවයිනේ ප‍්‍රදේශ රැසක සිදු කළ මුදල් සහ භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

ඒ, අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමග ය.

ඔවුන් කුළී පදනම මත ලබාගත් වෑන් රථයකින් ගොස් ව්‍යාජ ලෙස සකස් කළ ATM කාඩ්පත් උපයෝගී කර ගනිමින් මුදල් සහ භාණ්ඩ ලබාගෙන ඇති බවටයි පැවසෙන්නේ. ඔවුන් මෙම වංචාව සිදුකර ඇත්තේ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින්ය.

බැංකු පරිශ‍්‍රයේ පිටත සිටින මෙම පිිරිස මුදල් ලබාගැනීමට පැමිණෙන ගණුදෙනුකරුවන් නොමග යවා ඔවුන් සතුව ඇති කාඩ්පත් පරීක්‍ෂා කිරීමට යැයි ලබාගෙන තිබෙනවා.ඒ අදාළ බැංකුවේ ටෙලර් යන්ත‍්‍රයේ කිසියම් කි‍්‍රයාකාරකමක් සිදුවන බව අඟවමින්.ස්කිමර් ඩිවයිස් නමැති ඉතා කුඩා උපකරණයක් මගින් එලෙස ලබාගන්නා කාඞ්පතේ තොරතුරු උපයෝගී කර ගනිමින් සැකකරුවන් ව්‍යාජ කාඩ්පත් සකස් කර ඇති බව පොලීසිය පවසති.

ඒවා යොදා ගනිමින් මාතලේ, මතුගම, පැල්මඩුල්ල, රත්නපුර, බදුරලිය, කහවත්ත, දංකොටුව, මාරවිල, නාත්තණ්ඩිය, පන්නල, කොච්චිකඩේ, ගම්පොළ සහ නාවලපිටිය යන ප‍්‍රදේශවල බැංකු සහ සුපිරි වෙළදසැල්වලින් මුදල් සහ භාණ්ඩ ලබාගෙන තිබුණා. ඒවායෙහි වටිනාකම රුපියල් ලක්‍ෂ 7 කට ආසන්න ය.

පොලීිසිය  පවසන්නේ කිසිඳු අවස්ථාවක තමා සතු බැංකු කාඩ්පත් වෙනත් පුද්ගලයින්ට ලබා නොදෙන ලෙසයි. එමෙන්ම මෙවැනි ව්‍යාජ පුද්ගලයින්ට හසු නොවන ලෙසද පොලිසිය ජනතාවට දැනුම් දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here