එක්දින තරගාවලිය අත්හිටුවයි – සිංහ,කැන්ගරු සටන අැවිලෙන හැටි මෙන්න

0
759

Image result for Sri lanka vs Australia

2019 වසර ආරම්භයේ ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරයේ නිරත වීමට නියමිත අතර ඉන් එක් ටෙස්ට් තරගයක් බ්‍රිස්බේන් හී ගැබා ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

මෙම සංචාරය සඳහා එක්දින තරගාවලියක් ද ඇතුළත් කිරීමට නියමිතව තිබුණ ද ඊයේ (30) ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නවතම කාලසටහනට අනුව එම සංචාරයට ඇතුළත් වනුයේ ටෙස්ට් තරගාවලියක් පමණි.

2018-19 ඕස්ට්‍රේලියානු වසන්ත සමයේ (Summer) ඕස්ට්‍රේලියානු කණ්ඩයම නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව සමඟින් එරට දී තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගය බ්‍රිස්බේන් හී ගැබා ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අතර දෙවන තරගය පෙබරවාරි පළමු වැනිදා කැන්බරා හීදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩයම සිය දෙවන දිවා රාත්‍රී ටෙස්ට් තරගය එළඹෙන ජුනි මස පැවැත්වෙන කොදෙව් සංචාරයේ දී ක්‍රීඩා කිරීමට නියමිත අතර ඔවුන් සිය මංගල දිවා රාත්‍රී ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ 2017 ඔක්තෝබර් මාසයේ පකිස්තානයට එරෙහිවයි. ගැබා හී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවන දිවා රාත්‍රී ටෙස්ට් අත්දැකීම වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩයමේ ඕස්ට්‍රේලියානු සංචාරය

පළමු ටෙස්ට් තරගය : ගැබා, 24-28 ජනවාරි (දිවා රාත්‍රී )
දෙවන ටෙස්ට් තරගය : මනුකා ඕවල්,කැන්බරා , 1-5 පෙබරවාරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here