SLC විස්සයි-විස්ස ලීගය අගෝස්තු 16 වනදා

0
7

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 21 දා සිට සැප්තැම්බර් 02 දා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

කොළඹ, දඹුල්ල, ගාල්ල හා නුවර යනුවෙන් කණ්ඩායම් හතරක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට තරග හයක් හිමිවේ.

ඒ අනුව ප්‍රතිවාදී කණ්ඩායමක් සමගින් තරග දෙකක් පළමු වටයේදී හිමිවෙයි. පළමු වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගයට ක්‍රිඩා කරනු ඇත. එම තරගය ආර්. ප්‍රේමදාස පිටියේදී  පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත ජාතික හා දේශීය ක්‍රීඩකයන් මෙන්ම අවුරුදු 19න් පහළ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් මෙම තරගාවලියට ක්‍රීඩා කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ක්‍රීඩාංගණය හා දඹුල්ල ක්‍රිඩාංගණයේදී තරගාවලිය පැවැත්වෙයි. දිවාරාත්‍රී තරග ලෙසින් මෙම තරග පැවැත්වෙන අතර සෑම දිනකම තරග දෙකක් පැවැත්වෙන බවද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here