ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

0
3

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (24) රැස්වීමට නියමිත ව තිබේ.

අද රාත්‍රී 08.00 ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

මධ්‍යම කාරක සභාව රැස්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ද රැස්විම නියමිත ව ඇත.

මේ සඳහා පසුගිය දා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාට ද ආරාධනා කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව එහි දි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ආණ්ඩුව සමග එක් ව තවදුරටත් කටයුතු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ එහි දි අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතයි.

කෙසේවෙතත් ලබන මැයි 08 වැනි දින පාර්ලිමේන්තු රැස්වීමේ දී තමන් ඇතුළු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම අනිවාර්යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here