ශ‍්‍රීලනිප-ඒකාබද්ධ අවසන් සාකච්ජාවට වෙච්ච දේ

0
78

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග වැදීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග වන සාකච්චා සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කල බව ඒකාබද්ධ විපක්ෂ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී රැස්වූ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රි කණ්ඩායම මෙම අවසාන තීන්දුව ගත් බව ඔහු සදහන් කලේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනා සම්බන්දයෙන් මෙහිදී අවධානය යොමු වූ බවද කී මන්ත‍්‍රීවරයා එක්සත් ජාතික පක්‍ෂය සමග වන ආණ්ඩුවෙන් ඉවත් වන තෙක් ශ‍්‍රීලනිපය සමග තව දුරටත් කිසිදු සාකච්චාවක් නොපාවැත්වීමට තීරණය කල බවද කියා සිටියේය.

මෙම මැතිවරණය දේශපාලන පක්‍ෂවල පුද්ගලික මැතිවණයක් නොව ජනතාවගේ මැතිවණයක් බැවින් ඒකාබද්ධ විපක්‍ෂය එහිදී කටයුතු කරන්නේ ආන්ඩු විරෝධීව බවද මන්ත‍්‍රිවරයා කියයි.

ශ‍්‍රිලනිපය ආණ්ඩුව සමග සිටියදී හවුලේ මැතිවරණයකට ගියහොත් ආණ්ඩු විරෝධී ඡන්ද විශාල ප‍්‍රමාණයක් අහිමි වීමේ වැඩි ඉඩක් ඇති නිසා තව දුරටත් හවුල් සාකච්චා නොකිරීමට මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කල බවද ඔහු කියා සිටියේය.

මේ අතර වාර්තා වන්නේ නාම යෝජනා කැදවා ඇති පළාත් පාලන ආයතන සියල්ල සදහා ඒකාබද්ද විපක්‍ෂය පොහොට්ටුව ලකුණින් නාම යෝජනා බාර දීම සදහා සියළු කටයුතු සූදානම් කර ඇති බවයි.

නාම යෝජනා බාර ගන්නා පළමු දිනයේම ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පෙරමුණ විසින් නාම යෝජනා බාර දීම සිදු කරනු ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here