විජයකලා ගැන කතානායකවරයාගේ තීරණය ලබන සතියේ

0
4

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගෙන ආ යුතු බවට ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් කතානායකවරයාගේ තිරණය මැති සබයේ දී ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පක්ෂ නායක රුස්වීමක් කැඳවා පක්ෂ නායකයන්ගේ ද අදහස් විමසා විජයකලා මහේෂ්වරන් පිළිබඳ තිරණය දැනුම් දීමට කතානායකවරයා බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විජයකලා මහේෂ්වරන්ගේ ඒ ප්‍රකාශය ගැන කතානායකවරයා නීතිපතිවරයාගේ මතය මේ වනවිට විමසා ඇත.

නීතිපතිවරයාගේ මතය ද ඉදිරි දින කිහිපයේ දී ලැබීමට නියමිත බවත් නීතිපතිවරයාගේ මතය ලැබුණු පසුව ඒ මතය පාර්ලිමේන්තු පක්ෂ නායකයාට ද දැනුම්දිමට කතානායකවරයා කටයුතු කරනු ඇති බවත් පාර්ලිමේන්තු නිලධාරින් කියයි. 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here