“මට අපහාස වෙන විදිහටයි එයා හැසිරුණේ, මට කැත විදිහට කතා කළා”- ටානියා මෙලීසා

0
25

”එතනදි වුණ දේවල් එක්ක මට ලංකාවට එන්න හිතුණා”

“ඒ නිසා මම අයින් වෙලා ලංකාවට ආවා..”

මෙවර Mrs.World wide Sri Lanka 2018 කිරුළ දිනාගතේ ටානියා මෙලීසා ගුණතිලකයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගිය දා ඇය සිංගප්පූරුවට ගියත් තරගයට සම්බන්ධ නොවීම මෙරටට ආවා. ඒකට හේතුව වුණේ තරගයේ ජය මුදල් මත ලන්සු තැබීම නිසා. ඒ ගැන ඇය මේ විදිහට ඇය පුවත්පතකට කතා කර තිබුණා.

මේ රූ රැජින තරගය සඳහා කොහොමද ඔබ සහභාගී වෙන්නේ?
මලිත් රණසිංහ මට දුරකතන ඇමතුමක් දීලා කිව්වා මෙවැනි පැජන්ට් එකක් තියෙනවා මිසිස් වර්ල්ඩ්වයිඩ් කියලා ඒකට යන්න පුළුවන්ද කියලා. මම මුලින්ම ගණන් ගත්තේ නැහැ ඒත් මලිත් දිගින් දිගම කතා කළා. මම මෙවැනි තරගවලට සහභාගී වුනේ නැහැ මොකද ඒ තරග ගැන මට විශ්වාසයක් තිබුණේ නැහැ.

ඇයි මේ කිරුළ සඳහා වැඩි ප්‍රචාරයක් නොලැබුණේ?
මේ තරගට සඳහා ලංකාවෙන් නොමිනේට් කරලයි යවන්නේ මාව තමයි මලිත් ලංකාවෙන් යවන්න තීරණය කළේ.

රූ රැජින තරග සඳහා කිසි විශ්වාසයකක් නැත්නම් ඇයි මේ තරගය සඳහා ලංකාව නියෝජනය කරන්න හිතුවේ?
මට මලිත් කීවා මේ පැජන්ට් එක ගොඩක් හොඳයි මේ පැජන්ට් එක සංවිධානය කරන කාන්තාවත් හොඳ කෙනෙක් කියලා. මම මේ තරගය ගැන හොයලා බලද්දී මට හිතුණා පිළිගැනීමක් තියෙන තරගයක් කියලා.

තරග කරන අනෙක් තරගවලින් ටානියාට අවස්ථාව නැතිවෙයි කියන බය නිසාද මෙවැනි නොමිනේට් තරගයකට සහභාගී වුණේ?
එහෙම දෙයක් නැහැ. මට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා තරගයක් සඳහා තරග වදින්න ඒ විශ්වාසයත් එක්ක තමයි මම අපේ රටට ජයග්‍රහණයක් ලබාගන්නවා කියන චේතනාවෙන් මේ තරගෙට ගියේ මම හැමදේටම හොඳට ලෑස්ති වුණා. පුදුම විශ්වාසයකින් මම මේ තරඟගෙට ගියේ

කවදද මේ තරගය පවත්වන්න තීරණය කරලා තිබුණේ ?
ජූනී 24 සිංගප්පූරුවේ තමයි මේ තරගය පවත්වන්න තීරණය කරලා තිබුණේ ලංකාවේ මම පිටත් වුණේ 20 වෙනි දා මිසිස් වර්ල්ඩ් වයිඩ් 2018 කියන තරගෙට රටවල් 25 ක තරඟකාරීයන් සහභාගි වුණා.

ඇයි මේ තරගය නියෝජනය කරන්න ගිහින් හදිසියේ ලංකාවේ එන්නේ?
මම තරගයට සහභාගී වෙන්න කලින් ඒ තරගය සංවිධානය කරපු කාන්තාව මට මැසේජ් එකක් එව්වා ලක්ෂ දෙකයි හැත්තෑ පහක් ලෑස්තිද කියලා ඇහුවා විශේෂ කිරුළකට එයා මගේ රටේ නැෂනල් ඩිරෙක්ටර් එක්ක ඒ ගැන කතා කරලා තියෙන්නේ කියලා කිව්වා. එතනදි වුණ දේවල් එක්ක මට ලංකාවට එන්න හිතුණා

ඇයි එහෙම සල්ලි ඒ ක්‍රවුන් එකට ඉල්ලද්දි ඔබ මේ තරගෙට සහභාගීවෙන්න තීරණය කළේ?
විශේෂ ක්‍රවුන් එකටනේ එහෙම සල්ලි ඉල්ලුවේ ඒ නිසා මේ තරගෙට යන්න ඕන කියලා ඒ වෙනකොට මම හැම දේකටම ලෑස්තිවෙලා හිටියේ

ලක්ෂ දෙකහමාරට අමතරව ටානියාගෙන් මුදල් ඉල්ලුව ද?
මලිත් මගෙන් ලක්ෂ පහක මුදලක් ඉල්ලගත්තා මට යන වියදම්වලට කියලා. මම ඒ මුදල ඔහුට දුන්නා. අනෙක් රටවල තරගකාරියන් මුණගැහුනම ඔවුන්ගේන ඇහැව්වම ඔවුන් මට කීවා ඔවුන් මේ තරගෙට සහභාගීවෙන්න මුදල් වියදම් කළේ නෑ ඔවුන්ට ටිකට් එක පවා ලැබුණා කියලා. ඒ රටවල තමන්ගේ රට නියෝජනය කරන කෙනාට අනුග්‍රහකයෙක් හොයාගන්න බැහැ

සල්ලි නොදුන්න නිසාද ඔබ ඒ තරගෙට දිගටම සහභාගී නොවන්නේ?
මට තිබුණා සල්ලි දීලා ඒ ක්‍රවුන් එක ගන්න ඒත් මට එහෙම අවශ්‍යතාවක් තිබුණේ නැහැ ඒ සල්ලි නොදෙද්දී එයා මට සලකන විදිහ පවා වෙනස්වෙන්න ගත්තා මගේ රට නියෝජනය කරන්න සුදානම් කරගත්ත ඇඳුමට එයා අපහාස කළා හිනාවුණා මාව පහත් කරලා සැලකුවා මම එක දවසක් තරග කරන්න සහභාගී වුණේ නැහැ මම හිතුවේ සල්ලි ඉල්ලපු නිසා මට එහෙම නිකන් හිතෙනවා කියලා ඒත් හිත හදාගෙන මම නැවතත් තරග කරන්න ගියත් ඒ කාන්තාව මට අපහාසවන විදිහටයි හැසිරුණේ ඉතින් මම ඒ තරගෙන් ඉවත් වුණා මෙයාට සල්ලි නොදී තරගයට ගියොත් මාව විහිළුවකට ගනීවි මගේ රටට අපහස කරාවී කියල මමත් මගේ හස්බන්ඩ් එක්ක ඒ හෝටලයෙන් ඉවත් වුණා.

ඒ තරගකාරියන් දැක්කහම ටානියාගේ ආත්ම විශ්වාවාසය නැති වුණා ද? මේ තරගයේ ටානියාට අන්තිම තරගකාරීන් අතරට වත් තේරී පත්වෙන්න බැරිවෙයි කියලා.
එහෙම ආත්ම විශ්වාසය නැති වුණේ නැහැ මට ආත්ම විශ්වාසයක් ඇතිවුණා මට අපේ රටට කීර්තියක් ගෙන්න පුළුවන් කියලා ඒ දේ අර ගෑනු කෙනා මලිත්ටත් කියලා තිබුණා ඔයාගේ රටේ කෙනාට හැම සුදසුකමක්ම තියනවා කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here