විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රි ලංකාව පහළට

0
180

ICCය විසින් අද (02) දින ඔවුන්ගේ නවතම විස්සයි විස්ස ප්‍රසාද ලකුණු සටහන යාවත්කාලින කර තිබේ.

ඒ අනුව ප්‍රසාද ලකුණු 130ක් ලබාගෙන සිටින පාකිස්ථානය ප්‍රථම ස්ථානයත්, ප්‍රසාද ලකුණු 126ක් ලබා සිටින ඔස්ට්‍රේලියාව දෙවන ස්ථානයත්, ප්‍රසාද ලකුණු 123ක් ලබා සිටින ඉන්දියාව තුන්වෙන ස්ථානයත් ලබාගෙන සිටි.

ශ්‍රී ලංකා කණ්ඩායමට නවතම T20 ශ්‍රේණිගත කිරීම්වල හිමි වී ඇත්තේ 09 වන ස්ථානයයි. ඒ ප්‍රසාද ලකුණු 85ක් සමගිනි. කනගාටුව කරුණ නම් ප්‍රසාද ලකුණු 87ක් සමගින් ඇෆ්ගනිස්ථානය 08වන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමත් අභිබවමිනි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ලද පහළම ස්ථානයයි. 2012 සිට 2014 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ සිටීමට සමත් විය.

ICCය විසින් නිකුත් කළ නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම පහතින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here