ශ්‍රීදේවි ඝාතනය කළේ ඉන්දීය රුපියල් කෝටි 240ක ජීවිත රක්‍ෂණය ලබා ගැනීමට බව හෙළි වෙයි

0
1068

ජීවිත රක්‍ෂණ ඔප්පුව ඕමාන් රාජ්‍යයෙන් මතුවෙයි

නාන තටාකයේ වැටී මියගිය බවට වාර්තා වූ බොලිවුඩ් නිළී ශ්‍රී දේවිගේ ඉන්දීය රුපියල් කෝටි 240ොක ජීවිත රක්ෂණයක් ඕමානයේ ඇති බවට සොයාගෙන ඇත.

මෙම ජීවිත රක්ෂණයේ අඩංගු වූ ප්‍රධානතම කරුණ නම් ඊට අදාළ අති විශාල මුදල ලබාගත හැක්කේ ශ්‍රීදේවි ඩුබායිහි දී මියගියොත් පමණකි. සුනිල් සිං නමැති චිත්‍රපටකරුවා පවසන්නේ ශ්‍රීදේවි ඝාතනයට ලක් වී ඇති බවයි.

සුනිල් සිංගේ නීතිවේදියා හෙළි කර ඇත්තේ ශ්‍රීදේවිගේ රක්ෂණ ඔප්පුව සම්බන්ධයෙන් ඕමාන් රාජ්‍යයෙන් වාර්තා වූ බවයි.

ඇයගේ රක්ෂණ මුදල ලබා ගැනීමට ඇයව ඝාතනය කර තිබේ. එම ඝාතනය සැළසුම් කළ අපරාධයක් යැයි එම නීතිවේදියා කියයි.

ශ්‍රීදේවි ඝාතනය වී ඇති බව හිටපු සහකාර පොලිස්අධිකාරි වෙඩ් භූෂාන් ද ප්‍රකාශ කර ඇත.

නවදිල්ලි පොලිසිය සුනන්දා පුස්කාර් මාධ්‍යවේදිනිය ඝාතනය ගැන තවදුරටත් සොයනවා. එහෙත් ඩුබායි පොලිසිය දින හතරකින් ශ්‍රීදේවියගේ මරණය ගැන පරීක්ෂණ අවසන් කර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දුන්නා යැයි සහකාර පොලිස්අධිකාරී භූෂාන් කියා සිටී.

එසේම ඇයගේ නමින් රක්ෂණ ඔප්පුව ලබා ගෙන තිබුණේ ඕමාන් රාජ්යයෙන්, එම ඔප්පුවේ සඳහන් කර තිබුණේ ඇය ඩුබායිහි දී මියගියහොත් පමණක්රුපියල් කෝටි 240 ලබා ගැනීමට යැයි හෙතෙම හෙළි කළේ ය.

ශ්‍රීදේවිගේ සැමියා වූ බෝනි කපූර් ණය ලබාගෙන ඇති බවත් ඔහු මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටි බවද මාධ්‍යට හෙළි වී ඇත.

එසේම ඇගේ මරණයට ඩුබායිහි සිටින පාතාල කල්ලි නායක ඉබ්රාහිම් ඩාවුඩ් සම්බන්ධ බවට ද හිටපු සහකාර පොලිස්අධිකාරිවරයා චෝදනා කරයි.

ඩුබායි හෝටලයේ ශ්‍රීදේවියගේ කාමරයට යන ස්ථානයේ සීසීටීවී දර්ශන පවා මරණ පරීක්ෂණයට ඉදිරිපත් කර නොමැති බව ද ඔහු පවසයි.

මම එම හෝටලයට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට උත්සාහ කළත් ඊට ඉඩ ලැබුණේ නැහැ යනුවෙන් ද වෙඩ් භූෂාන් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අඩි 5 අඟල් 2ක් උසැති ශ්‍රීදේවි නාන තටාකයේ වැටී මියගිය බවට කර ඇති ප්‍රකාශය තමා ප්‍රතික්ෂේප කරන බව ද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here