ශ්‍රි ලංකා පිළේ සුපිරි ආරම්භක පිතිකරුවට කොදෙව් සංචාරය අහිමි වෙයි

0
295

Image result for test team sri lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් 01දා  පැවැති පුහුණු සැසියකදී පිතිකරණයේ යෙදෙමින් සිටින විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඇඟිල්ලක ආබාධයකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඔහු ඊයේ දිනයේදී වෛද්‍යවරු හමුවේ පෙනී සිටීමට නියමිත අතර එහිදී ඔහු නැවත ක්‍රීඩා කරන කාලසීමාව පිළිබඳ සලකා බැලෙනු ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

කෙසේ වෙතත් ක‍්‍රිකට් එජ් වේබ් අඩවිය වාර්තා කරුනු ලබන්නේ දිමුත් හට සති හයක කාලයක් ක‍්‍රිකට් ක‍්‍රිඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇති බවයි.ඒ හේතුවෙන් ඔහුට කොදෙව් කන්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් සංචාරයද අහිමි වනු ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඩුබායි හිදී ලබාගත් තරඟාවලි ජයග්‍රහණයේදී සහ ඊට පෙර ශ්‍රී ලංකාවේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදී පරාජයට පත් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහලම දක්ෂතා පෙන්වූ පිතිකරුවා වූ දීමත් ඉන් පසුව පැවති ඉන්දියා සංචාරයේ සහ ශ්‍රී ලංකාව ජය ගත් බංගලාදේශ සංචාරයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන්නට දිමුත් සමත්වූයේ නැත.

ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිදානය කල සුපිරි පළාත් තරඟාවලියේද සුපිරි දක්ෂතා අතරට පැමිණෙන්නට දිමුත් අසමත් වුවද කොදෙව් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ඉහල බලාපොරොත්තුවක් ලෙස සිටි දිමුත් කණ්ඩායමට අහිමි වීම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට කොදෙව් තණතීරු වලදී අවාසියක් වීමට ඉඩ ඇත.

දේශීය පළමුපෙළ තරඟාවලිය තුල මෙන්ම සුපිරි පළාත් තරඟාවලියේ දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසෙනට බලාසිටින මොහොතක දිමුත්ගේ හිඩැසට කවුරුන් ආදේශ වේද යන්න අපට තවම අනාවැකි කිව නොහැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here