කිරිවෙහෙර නාහිමිට එස්.ටී.එෆ්. ආරක්ෂාව

0
6

කතරගම, කිරිවෙහෙර රජමහාවිහාරාධිපති පූජ්‍යය කොබවක ධම්මින්ද හිමියන්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඊයේ (10) පැවති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කළ බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියේ ය.

මේ අතර උන්වහන්සේ ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලේ බිල්පත තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව ද ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here