(UPDATE)ගුරු වර්ජනයේ අලුත්ම තත්වය

0
11

ගුරු හා විදුහල්පති සේවය ඇතුළු අධ්‍යපන සේවාවන් වෙනුවෙන් වන දේශපාලන පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් වන ගැටළුවට විසදුම් ඉල්ලා අධ්‍යාපන සේවා වෘත්තිය සමිති අද(04) වැඩ වර්ජනයක් කැඳවා තිබුණද වව්නියාව ප්‍රදේශයේ පාසල් වෙත දරුවන් පැමිණි බව වාර්තා වේ.

පාසල් දරුවන්ගේ දෙමාපියන් පැවසූවේ ගුරුවරුන් නිවාඩු දමා පාසල් නොපවත්වන බවට ආරංචියක් පැතිර ගියත් දරුවන් පාසල් වෙත යොමු කළ බව ය.

දරුවන් පාසල් වෙත යොමු කළද ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් පවතින බවද දෙමාපියන් පැවසූහ.

මේ අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here