දිවයින හරහා අදත් විටින් විට තද සුළං

0
9

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ සිහින් වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් විය.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවකවලත් සමහර ස්ථාන වලට මි.මී.75 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද වාර්තා වේ.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරත්මක සුළං (Gusty winds) බලාපොරෝත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්කවවාවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන මුහුදු  සුළං නිරිත දිශාවෙන් හමන බවත් සුළඟේ වේගය පැ.කි.මී. 30-40 ක් පමන වන බව සඳහන් වේ.

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තතොට සිට පොතුවිල් හරහා කල්මුනේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය  විටින් විට පැ.කි.මී. 60-65 දක්වා වැඩි විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි ය.

සේසු මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය  විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින්  ධීවර සහ නාවුක ප්‍රජාව ඒ පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද එම නිවේදනයේ දැක් වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here