ප්‍රධාන ශිෂ්‍ය නායකයාට පහර දී ඝාතනය කළ සිසුන් ළමා නිවාසයකට

0
32

හලාවත, සවරාන මුස්ලිම් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට පහර දී ඝාතනය කළ බවට චෝදනා එල්ලවන එම විද්‍යාලයේම 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනා ලබන මස 03 වැනි දා දක්වා රජයේ ළමා නිවාසයක රඳවන ලෙස අද (26) නියෝග කර තිබේ.

ඒ, සිද්ධියට අදාළ නඩුව හලාවත දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී ය.

පහරදීමේ චෝදනා එල්ල වූ සිසුන් තුන්දෙනා මීට පෙර අත්අඩංගුවට ගෙන දෙදෙනෙකු ඇප මත මුදාහැර තිබූ අතර, අනෙක් සිසුවා ළමා නිවාසයක රඳවා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here